ඊයේ රාත්‍රී 8.30ට පමණ අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලයේ රැඳී සිටි පුද්ගලයින් 5 දෙනෙකුට නාඳුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.
සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩිවැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු තවත් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට ප්‍රථම අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත