එළඹෙන 19 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි දී සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතුය.
එහිදී උසස්පෙළ විභාගය සඳහා අයදුම් කරන රජයේ පාසල් සිසුන් තම පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) සහ මුරපද (Password) භාවිතයෙන් අයදුම් කිරීම සිදුකළයුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර
පසුව එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමෙන් අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට එය තමන් සතුව තබාගත යුතු බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්ව ඇත.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත