Asia Cup 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි ශ්‍රී ලංකා කාණ්ඩායම පිටියට පිවිස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණි.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය.වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස්කළේය.
ලකුණු 171ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය. නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 3ක් ලබාගත්තේය
වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස විඳීමට දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත