ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා සහභාගී වු සියලු පක්ෂවලට අද (08) දිනයේ පොදුවේ ලබාදීමට නියමිතව තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා මෙලෙස පොදුවේ ලබාදීමට නියමිතය.
මේ අතර නව සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර මෙම සතියේ ද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.
තවද සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා විවෘත ආරාධනයක් කරනු ලැබීය. මේ සඳහා සහාය ලබාදුන් සියලු පාර්ශවයන්ට තමන් ස්තූතිය පළ කරන බවද ඔහු සිය ට්ව්ටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත