ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි “Ella Odyssey” ලෙස නව සුඛෝපභෝගී දුම්රියක් සති අන්තයේ සිට කොළඹ සහ බදුල්ල අතර ධාවනය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම ක්‍රියාත්මක වන අතර කොළඹ කොටුවෙන් පෙරවරු 05.30 ට පිටත් වී පස්වරු 3.55 ට බදුල්ලට ළඟා වීමට නියමිතය. එය සෑම ඉරිදාවකම පෙරවරු 09.50 ට බදුල්ලෙන් පිටත් වී පස්වරු 07.20 ට කොළඹ කොටුවට ළඟා වේ.
මෙම දුම්රිය ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල නතර කරනු ඇත.
මීට අමතරව, මෙම දුම්රිය මාර්ගයේ සංචාරක ආකර්ෂණ ස්ථානවල ද නවත්වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත