ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා ඉන්ධන හල්වලින් QR ක්‍රමවේදය යටතේ ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 4,977,491 ක් නිකුත් කර තිබේ.
එහි දි ඉන්ධන ලබාගත් මුලු වාහන සංඛ්‍යාව 595,177 කී
එයින් පෙට්‍රල් ලීටර 1,395,470 ක් පමණ වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කර තිබුණේ යතුරුපැදිවලටය. ඒ යතුරුපැදි 352,474 සඳහාය.
මීළඟට වැඩිම ඉන්ධන ප්‍රමාණය මෝටර් රථ සඳහාය. එයින් ඉන්ධන ලීටර 1,251,220ක් මෝටර් රථ 66,596 ක් සඳහා
නිකුත් කර ඇත.
ඉන්ධන ලීටර 996,737ක් ලොරි රථ 25,201ක් සඳහාත් ඉන්ධන ලීටර් 588,020 ක් ත්‍රිරෝද රථ 118,673 ක් සඳහාත් නිකුත් කර ඇත.
තවද තිබු ඉන්ධන ප්‍රමාණයෙන් ලීටර 122,034 ක් බස් රථ 3,218 ක් සඳහා නිකුත් කර තිබේ. වෑන් රථ 24,488 ක් සඳහා නිකුත් කර තිබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 472,131ක් වේ. අමතරව තවත් වාහන 4,527 කට ද ඉන්ධන ලීටර 151,879 ක් නිකුත් කර තිබුණි.
QR ක්‍රමවේදය ඔස්සේ සතියක කාලයක් සඳහා එක් එක් වාහනහිමියාට ලැබෙන ඉන්ධන කෝටාව සෑම ඉරිදාවකම මධ්‍යම රාත්‍රියේ යාවත්කාලීන කෙරෙන අතර ප්‍රමාණවත් ඉන්ධන නොමැතිනම් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථ වාහන ඇතුල්නොකරන ලෙස ද දැනුම් දී ඇත.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත