HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දෙවැනි එළිසබෙත් රැජින දිවියෙන් සමුගනී.




දෙවැනි එළිසබෙත් රැජින දිවියෙන් සමුගනී.

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බවට බකිංහැම් මාලිගයෙන් ඊයේ රාත්‍රියේ නිල නිවේදනයක් නිකුත් කළේය.

96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දරා සිටියේය. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින ( Elizabeth Alexandra Mary Windsor ) ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ දි අසනීප වූ අතර පසුව අභාවප්‍රාප්ත විය.

රැජිණගේ අභාවය දැනගැනීමත් සමග ඇයගේ පවුලේ සාමාජිකයින් බැල්මොරල් මාළිගය වෙත ගොස් ඇති අතර මුණුපුරන් වන විලියම් සහ හැරී කුමරුද ඒ අතර වන බව විදෙස් වාර්තා සඳහන් කලේය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඇයගේ පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රාන්ත 14ක නව රජු සහ රාජ්‍ය නායකයා ලෙස පත්වෙයි.

දෙවැනි එළිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළාය. ඇයගේ අභාවය හේතුවෙන් අද සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්දී තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More